ඉන්දියාවට ගෙවන්න තිබුණු මුදලකටත්! හැකර්වරුන් විදින්න හදලා

ලංකා රජය ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට ගෙවන්න තිබුණු සල්ලි වගයක් හැකර්වරුන් පිරිසක් හොරකම් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා කියනවා.
ඇත්තටම මොකක්ද වුණේ? භාණ්ඩාගාරයේ නිලධාරීන්ට එකපාරටම මීටර් වෙලා තියෙනවා සල්ලි යවන්න තිබුණු ගිණුම් අංක වෙනස් වෙලා කියලා. ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුණු නිසා ඉන්දියාවට යවන්න තිබුණු සල්ලි ටික නම් බේරිලා. හැබැයි ඒ ගැන හොයලා බලද්දී තමයි තේරිලා තියෙන්නේ, ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් ලක්ෂ 25ක් (ඒ කියන්නේ රුපියල් කෝටි ගණනක්) ඒ වෙනකොටත් හැකර්වරුන් අරගෙන ඉවරයි කියලා.
හොරකම කරලා තියෙන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ ආයතනයත් එක්ක භාණ්ඩාගාරය ගනුදෙනු කරන්නේ ඊමේල් හරහානේ. හැකර්වරු මේ ඊමේල් පණිවිඩ “හැක්” කරලා, ඒ අතරතුරේ ගිණුම් අංක වෙනස් කරලා තමයි මේ වංචාව කරලා තියෙන්නේ.
දැන් මොකද වෙන්නේ?
-
CID එකට පැමිණිලි කරලා: මේ ගැන දැන් CID එක පරීක්ෂණ පවත්වනවා.
-
කමිටුවක් පත් කරලා: භාණ්ඩාගාරය ඇතුළෙනුත් පරීක්ෂණයක් යනවා.
-
නිලධාරීන්ට දඬුවම්: මේකේදී නිලධාරීන් අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා අමාත්‍යවරයා කිව්වා.
ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ ගැන ඉක්මනින්ම හොයලා බලලා අවශ්‍ය පියවර ගන්න කියලයි.
