දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වූවන්ට වන්දි ගෙවීමේ කටයුතු පිළිබඳ ප්රගති සමාලෝචන සාකච්ඡුාවකට ජනපති එක්වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු පිළිබඳ ප්රගති සමාලෝචන සාකච්ඡාවක් අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී තිබුණා.
උපුටා ගැනීම…
”දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ඉතා ගැටලුකාරී අවස්ථාවකදී හැර සෙසු අවස්ථාවල සියලු ප්රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස මෙහිදී උපදෙස් ලබා දුන්නෙමි. එසේම, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්රගතිය පිළිබඳවද මෙහිදි සොයා බැලුණු අතර, එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දුන්නෙමි.
තවමත් කඳවුරුවල ජීවත් වන ජනතාවට නව නිවසක් ලබා දෙන තෙක් තාවකාලික නිවාසවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට ගත යුතු ක්රියාමාර්ගද මෙහිදී සාකච්ඡා කෙරුණා.
තවද අධිඅවදානම් කලාපවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීම සඳහා වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරිමේ සැලසුම් පිළිබඳවද විමසා බැලිණි.”
උපුටා ගැනීම අවසන්.

