වයස අවුරුදු 17ට අඩු සියල්ලන්ට දුම්පානය තහනම්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව “Tobacco and Vapes Bill” කියන නව පනත් කෙටුම්පත අනුමත කරලා තියෙනවා. මේකෙන් රට “දුම් රහිත පරම්පරාවක්” ඇති කරන්න ලොකු පියවරක් ගන්නවා කියලා සඳහන්.

නව නීතිය අනුව, 2009 ජනවාරි 1න් පස්සේ උපන් අයට ඉදිරියේදී කිසිදා නීත්‍යානුකූලව සිගරට් මිලදී ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා කාලයත් එක්ක දුම්කොළ භාවිතය ක්‍රමයෙන් අඩුවෙන්න තියෙනවා.

ඒ වගේම වේප් (vape) භාවිතයත් දැඩිව පාලනය කරලා තියෙනවා. දරුවන් රැගෙන යන වාහන, පාසල්, ක්‍රීඩා පිටි සහ රෝහල් අසල වැනි ස්ථානවල වේප් භාවිතය තහනම් කරනවා.

කෙසේවෙතත්, සමහර එළිමහන් ස්ථානවල සහ දුම්පානය නතර කිරීමට උදව් වන ප්‍රදේශවල තවමත් සීමිතව අවසර දීලා තියෙනවා.

රජය කියන්නේ මේ නව නීතිය දුම්පානය නිසා ඇතිවන රෝග සහ මරණ අඩු කරන්න ගන්න ලොකුම පියවරක් කියලා.

Share This