දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.
එමෙන්ම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් වේලාවේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවට අනාවැකි පළ කර ඇති අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු ඇතිවීමේ අවදානම තිබෙන බැවින්, ඒවා අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට ජනතාවට උපදෙස්
ලබා දී තිබෙනවා.
