දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයට අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය දිගු කර තිබෙනවා.

දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම මත, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇත.

මෙම විභාගය වාර්ෂිකව පවත්වන්නේ සමාජයට සදාචාරවත් දරු පරපුරක් ගොඩනඟන දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගය කිරීම සඳහායි.

මුලින්ම, අයදුම්පත් 2026 මාර්තු 11 සිට අප්‍රේල් 20 දක්වා මාර්ගගතව ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණද, දැන් එය තවත් දිගු කරලා තියෙනවා.

Share This