ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Nireekshak” යුද නෞකාව අද (21) කොළඹ වරායට පැමිණියා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය සාම්ප්‍රදායිකව පිළිගත්ත අතර, මේ නෞකාව “Mixed Gas Diving Training” කියන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා මෙරටට ඇවිත් තියෙන්නේ.
කොමාණ්ඩර් Sailesh Kumar Tyagi නෞකාවේ අණදෙන නිලධාරියා.
මෙහිදී ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා එක්ව කිමිදුම් පුහුණුවක් කරලා අත්දැකීම් හුවමාරු කරගන්නත්, හැකියාවන් වර්ධනය කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම නෞකාවේ නැව් පිරිසගේ සහ ලංකාවේ සුහදත්වය වැඩි කරගන්න වැඩසටහන්වලට සහ සංස්කෘතික ස්ථාන කිහිපයක් නරඹන්නත් එක්වෙන්න නියමිතයි.
