ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට
රුපියල් කෝටි 6.47කට අධික වටිනාකමකින් යුතු “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අද (20) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත් වූයේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙක් වන අතර ඔවුන් අතර 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවක් සිටින බව වාර්තා වෙනවා.
මෙම දෙදෙනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදීගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර හරහා මෙරටට රැගෙනවිත් තිබේ. ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E-1183 ගුවන් යානයෙන් අද අලුයම 12.53ට කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ පැකට් 5ක් ලෙස සකස් කර තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් මෙහිදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අද (20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරනවා.
