බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. වාර්තා අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නවතම මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස වාර්තා  වන අතරම විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

Share This