දකුණු අප්රිකාවට තරගාවලි ජයක්
ශ්රී ලංකා සහ දකුණු අප්රිකාව අතර දෙවන සහ අවසාන ටෙස්ට් තරගයේ ලකුණු ලකුණු 109කින් ජයග්රහණය හිමිකර ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වීමට ශ්රී ලංකාවට සිදුවුණා.
කාසියේ වාසියේ දිනූ දකුණු අප්රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 358ක් ලබා ගත්තා.
දකුණු අප්රිකාව ලබාදුන් ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 328ක් පමණයි.
ඉන් අනතුරුව දෙවෙනි ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 317ක් ලබා ගත්තා. ඒ ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් ලබා දෙමින්.
නමුත් ශ්රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හිමිවූයේ ලකුණු 238ක් පමණයි.