මීතොටමුල්ලේ කන්ටේනර් පෙට්ටියක් යට, බ්‍රසීල ගිනි අවියක්
වැල්ලම්පිටිය මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබීයදී බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව ලද තොරතුර මත අදාළ ස්ථානයේ සිදුකළ සෝදිසි කිරීමකදී Zigana වර්ගයේ පිස්තෝල ගිනි අවිය කන්ටේනර් පෙට්ටිය යට භූමියේ සඟවා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම ගිනි අවිය මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.