Harry Potter කතන්දරේ… නොකියූ… රහස් – මේ දෙසැම්බරයේ සිට එක පෙළට

නව හැරී පොටර් රූපවාහිනී කතාමාලාවේ පළමු Trailer එක නිකුත් වෙලා!

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Harry Potter TV series කතාමාලාවේ පළමු පූර්ව ප්‍රචාරක වීඩියෝව (Trailer) දැන් නිකුත් වී ඇත.

මෙම කතාමාලාව නැවත නිර්මාණය කරන්නේ HBO විසිනි. මිනිත්තු 2ක් පමණ දිග මෙම වීඩියෝව, හැරීගේ මුල් ජීවිතයෙන් ආරම්භ වෙමින් ඔහුගේ ජාදු ලෝකයට පිවිසෙන ගමන පෙන්වයි.

වීඩියෝවේ දක්නට ලැබෙන්නේ:හැරී ඩර්ස්ලිලාගේ නිවසේ පඩිපෙළ යට කුඩා අල්මාරියක ජීවත් වන දර්ශනය වර්නන් මාමා සහ පෙටුනියා නැන්දගේ චරිත හැරීට Hogwarts පාසලෙන් ලිපිය ලැබෙන අවස්ථාව

එහිදී හැරී “විශේෂ කෙනෙක් නොවේ” ලෙස කියන දර්ශනයක්ද ඇතුළත් වේ.

ඊළඟට, Rubeus Hagrid හැරීට මඟ පෙන්වමින් London නගරය හරහා King’s Cross Station දුම්රිය ස්ථානයට ගෙන යන අයුරු පෙන්වයි. එතැන් සිට Hogwarts Express දුම්රියට ගමන් කිරීමේ ආරම්භයද සලකුණු කරයි.

හැරීගේ අකුණු හැඩ කැළල ඔහුගේ වටකුරු කණ්නාඩි වීස්ලි පවුලේ රතු හිසකෙස් වැනි ප්‍රසිද්ධ ලක්ෂණ කෙටි දර්ශන ලෙස පෙන්වයි.

Hogwarts වෙත පැමිණීමෙන් පසු, පළමු වරට ප්‍රධාන චරිත කිහිපයක්ද දැකගත හැකිය:
Severus Snape
Albus Dumbledore
Minerva McGonagall
Draco Malfoy
Ron Weasley සහ Hermione Granger

එමෙන්ම, ශිෂ්‍යයන් වර්ග කරන “Sorting Hat” මායාවන්ත යෂ්ටි සාදන්නා (Ollivander) වැනි විශේෂ දර්ශනද ඇතුළත් වේ.

සරලව කියනවානම්, මේ Trailer එක හරහා හැරී පොටර් කතාව නව ආකාරයකින් නැවත ඉදිරිපත් කිරීමට සූදානම් බව පැහැදිලි වේ. Fans ලාට නම් මේක ලොකු සතුටක් වෙන්න පුළුවන්!

Share This