යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් යුක්‍රේන හමුදාවට එක්ව රුසියාවට විරුද්ධව සටන් කරමින් සිටින ශ්‍රී ලාංකික සෙබළෙකුට ජනාධිපති සම්මානයක් පිරිනමා ඇත.

මෙම සම්මානය ලැබී ඇත්තේ ලහිරු කාවින්ද හතුරුසිංහ නමැති ශ්‍රී ලාංකික සෙබළාටය.

ඔහු සඳහන් කර ඇත්තේ ආරක්ෂක හේතු මත සම්මාන පිරිනමන අවස්ථාවේ ඡායාරූප ගත කිරීම සිදු නොකළ බවයි.

තවද, යුක්‍රේනයේ විදේශීය හමුදා සෙබළුන් පමණක් ඇතුළත් හමුදා ඛණ්ඩයකට සම්බන්ධ වී සිටි ඔහු, වසර කිහිපයක සේවය කිරීමෙන් පසුව වර්තමානයේ යුක්‍රේන සහ විදේශීය සෙබළුන් එක්ව සිටින අනු ඛණ්ඩයක අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරන බව ද වාර්තා වේ.

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වරින්වර ප්‍රචාරය වන අතර, රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් අතර මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද සඳහන් වේ.

Share This