සංචාරකයන්ට පෝලිම් නෑ…. ඉන්ධන ලබාදීම ආගන්තුක සත්කාරයෙන්

Learn to drive a Tuk Tuk, Soul Sri Lanka, Tour Company in Colombo, Holiday  and Travel Packages to Sri Lanka

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදේශීය සංචාරකයින් සඳහා ඉන්ධන ලබාදීම ප්‍රමුඛතාවයෙන් සිදු කිරීමට නව තීරණයක් ගෙන තිබෙනවා.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ වලංගු පස්පෝට් හෝ හඳුනාගැනීමේ ලේඛන ඉදිරිපත් කරන විදේශීය සංචාරකයින්ට ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමුඛතාවය ලබාදෙන බවයි.

මෙම තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසීය. සංචාරක ක්ෂේත්‍රයට සහාය ලබාදීම සහ විදේවෙතශීය අමුත්තන්ට පහසුකම් සැලසීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත.

Share This