රාජ්‍ය අංශයේ බලශක්ති භාවිතය අවම කරන්න සැලසුම්
අඛන්ඩව රාජ්‍ය සේවා පවත්වාගෙන යාමටද තීරණය කරයි
රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මහජනතාවට රජයේ සේවා අඛණ්ඩව ලබාදීම සහ රජයේ සේවකයන්ට මුහුණ දීමට සිදුවන අසීරුතා මඟහැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
[3:54 pm, 20/03/2026] Monara Muditha: ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මතුවන ගැටළු සහ දුෂ්කරතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කෙරේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටි අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වෛද්‍යවරුන් ස්ථාන මාරුවීම් වැඩපිළිවෙලේ පවතින විධිවිධාන මධ්‍යයේ තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.
මෙම ගැටලු විධිමත් ලෙස විසඳීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශ අතර, වඩාත් හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගනිමින් දීර්ඝව සාකච්ඡා කෙරිණි.
මේ සම්බන්ධයෙන් පවතින ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගැනීමට සහ වඩාත් ප්‍රායෝගික හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සහතික කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ද පසුගියදා ආරම්භ කළ අතර, ස්ථාන මාරුවීම් සහ අනෙකුත් පරිපාලනමය හේතූන් මත වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන්ට පාසල් ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාධයන් සහ බාධාවන් අවම කිරීම එම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ විය.
මෙම සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම්, සංස්කාරක විශේෂඥ වෛද්‍ය සුනිල් ආර් විජයසිංහ, ජාතික සංවිධායක විශේෂඥ වෛද්‍ය පී.ඩබ්.සී.එල් සඳකැන් වඩුගේ, මෙන්ම සංගමයේ සාමාජිකයින් වන විශේෂඥ වෛද්‍ය එස්.අයි මජිත , විශේෂඥ වෛද්‍ය ඒ. රණවීර, විශේෂඥ වෛද්‍ය කේ.එල් ශිරෝමනී යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
