ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට යයි! අමෙරිකාවෙන් ධනාත්මක පියවරක්

Iran's Oil Production Increases by 12,000 BPD in March, Says OPEC -  Caspianpost.com

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට ඇතිවන බලපෑම සැලකිල්ලට ගනිමින්, ඉරානයේ තෙල් සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳව අමෙරිකාව සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යෝජනාව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ඔහු පෙන්වා දී ඇත්තේ, සම්බාධක ඉවත් කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළට වැඩි තෙල් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන බවයි.

නැව් ගමනාගමනයට සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතිවී ඇති බාධා හේතුවෙන් ලොව පුරා බලශක්ති මිල ගණන් ඉහළ යමින් පවතින අතර, මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් ගෝලීය තෙල් මිල කෙටි කාලයක් තුළ පහළ යා හැකි බවද ඇස්තමේන්තු කර ඇත.

අමෙරිකාව මෙවැනි තීරණයක් ගන්නේ නම්, එය ඉරානයට එරෙහි දීර්ඝකාලීන ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක් ලෙස සැලකෙන අතර, එමඟින් ඉරානයට ආර්ථික වශයෙන් වාසි රැසක් ලැබිය හැකි බවද වාර්තා සඳහන් කරයි.

එසේම චීනය ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා ලෙස පවතින අතර, සම්බාධක හේතුවෙන් වට්ටම් සහිත මිලකට ඉරාන තෙල් ලබාගෙන ඇති බවද අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසා තිබේ.

ඉරාන තෙල් සඳහා පනවා ඇති සීමා ඉවත් කළහොත් දින 10ත් 14ත් අතර කාලයකදී ගෝලීය තෙල් මිල පහළ යා හැකි බව ඔහු ඇස්තමේන්තු කර ඇත.

Share This