මරදන්කඩවල දැරියක් කිඹුලකු රැගෙන යයි – රෝහල ගත කලද අවාසනාවන්ත ලෙස මියගිහින්

මරදන්කඩවල හිණුක්කිරියාව වැවේදී සිදු වූ දුක්බර සිද්ධියකදී, කිඹුලකු විසින් ඩැහැගෙන ගිය 09 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය තම මිත්තනිය සමඟ දින නෑම සඳහා වැවට ගොස් ඇති අතර, නාන මංකඩකදී දිය නාමින් සිටින අවස්ථාවේදී වැවේ සිටි කිඹුලකු විසින් ඇය ඩැහැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධියට ලක්ව ඇත්තේ ගනේවල්පොල, හිණුක්කිරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි දැරියකි.

සිද්ධිය පිළිබඳ දැනගත් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව, පොලිසිය සහ වනජීවී නිලධාරීන් ද සමඟ පැය හතරකට ආසන්න සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, දැරිය කිඹුලාගෙන් බේරාගෙන මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද, රෝහල්ගත කිරීමේදී ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

Share This