ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ඉලක්ක කරමින් ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්

Israel හි විශාලම තෙල් පිරිපහදුවක් වන Bazan Group සතු Haifa නගරයේ පිරිපහදුවට Iran විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් පිරිපහදුවට යම් හානි සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, විශාල යටිතල පහසුකම් හානික් සිදුවී නොමැති බවත්, විදුලිය කප්පාදුවට ලක් වූ බොහෝ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලධාරීන් පවසයි.
Bazan Group යනු Israel හි විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානවලින් එකක් වන අතර,
ඩීසල් 60%ක්
පෙට්‍රල් 50%ක්නිෂ්පාදනය කරයි.
මෙම පිරිපහදුව දිනකට තෙල් බැරල් 197,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති බව සඳහන්.
මීට පෙර ද Iran හා Israel අතර ඇතිවූ “දින 12” යුද්ධයේදීද මෙම ස්ථානයට ප්‍රහාර එල්ල වී ඇති අතර, එවිට එය තාවකාලිකව වසා දැමීමට සිදුවිය.
