අංක තහඩු නැති වාහනවල අයට ලියා­ප­දිංචි සහ­ති­කයට ඉන්ධන -මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව

මෙතෙක් අංක තහඩු නිකු­ත්කර නොමැති ලියා­ප­දිංචි වාහන සඳහා QR කේතය යටතේ ඔත්තේ ඉරට්ටේ දින­වල ඉන්ධන ලබා­ගැ­නී­මේදී වාහ­නයේ අන­න්ය­තාව නිවැ­ර­දිව තහ­වුරු කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් ගැටලු පැන­නැ­ඟී­මක් සිදු වුණොත් වාහ­නයේ ලියා­ප­දිං­චිය සම්බ­න්ධ­යෙන් වූ සහ­ති­ක­යක් ඉදි­රි­පත් කළ හැකි බව මෝටර් රථ ප්රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.
අවශ්ය අව­ස්ථා­වේදී වාහන ආදා­යම් බල­ප­ත්රය හෝ වාහ­නයේ ලියා­ප­දිංචි සහ­ති­කය හෝ වාහන රක්ෂණ සහ­ති­කය හෝ වාහන දුම් පරී­ක්ෂණ සහ­ති­කය යන ලේඛ­න­ව­ලින් එකක් ඉදි­රි­පත් කරන මෙන් මෝටර් රථ ප්රවා­හන කොම­සා­රිස් ජන­රාල් කමල් අම­ර­සිංහ මහතා ඉල්ලා සිටියි. මෝටර් රථ ප්රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව විසින් පසු­ගිය කාලයේ වාහන අංක තහඩු නිකුත් නොකෙරුණු අතර හේතු­වෙන් ඇතැම් වාහන හිමි­යන් විවි­ධා­කාර අංක තහඩු භාවිත කිරී­මට පෙල­ඹීම නිසා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් මෝටර් රථ ප්රවා­හන කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා මේ බව කියා සිටියි.
Share This