වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහන ඉන්ධන QR කේත නැවත ලබා ගැනීම සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙයි
මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා අද (මාර්තු 19) සිට නව විශේෂාංගයක් පද්ධතියට එක් කර ඇත. මෙම නව ක්‍රමවේදය හරහා එම බාධාවන් ඉවත් කර වඩාත් පහසුවෙන් ඉන්ධන QR කේතය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව,
• ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිතා කළ හැක.
• වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි වී තිබුණද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැක.
• ඔබ ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාවලියේදී පවතින වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචිය අවලංගු වන බැවින්, පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වන අතර මෙම පහසුකම මඟින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශවයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබේ.
අවවාදයයි: තමාට නීත්‍යනුකුල අයිතියක් නැතිව අන් පුද්ගලයෙක් වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කල වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
