ජපන් අගමැතිනිය සහ ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් අතර හමුවක්
ජපාන අගමැති ටකයිචි සානේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සඳහා වොෂින්ටනය වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බදාදා රාත්‍රී දේශීය වේලාවෙන් 10ට ආසන්න වෙලාවක ටකයිචි රැගත් ජපාන රජයේ ගුවන් යානය වොෂින්ටනය ආසන්නයේ පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරකට ළඟා වූ බව වාර්තා වේ.
නායකයින් දෙදෙනා අද ධවල මන්දිරයේ දී හමුවීමට නියමිත අතර, විශේෂයෙන්ම ඉරානයේ පවතින අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සදහන්
වත්මන් තත්ත්වය හැකි ඉක්මනින් සමනය කිරීම අත්‍යවශ්‍ය බවත් එසේම, ජපානයේ ස්ථාවරය සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සාකච්ඡා කිරීමට බලා පොරොත්තු වන බවද ඇය අවධාරණය කළාය.
ඉරාන තත්ත්වය දිගටම අස්ථාවරව පැවතුනහොත්, එය ජපානය හා ඇමරිකාව ඇතුළු ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කළ හැකි බව ද ඇය පවසන අතර ආරක්ෂාව, ආයෝජන සහ ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම ද මෙම සමුළුවේ ප්‍රධාන කරුණු අතරට ඇතුළත් වේ.
