අද කාලගුණය උණුසුම් මට්ටමක
බස්නාහිර, සබරගමුව, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (19) දිනයේ දැඩි උණුසුම් කාළගුණයක් පැවතිය හැකි බවත් එය මිනිස් සිරුරට දැනෙන උණුසුමේ ස්වභාවය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) දිනයේ පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බවත්, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් උදෑසන කාලයේදී
නැඟෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.
