උත්සව සමයට ආහාර ඇණවුම් කර අවසන් – තොග රැස් කරන්න එපා -ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කියයි
උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කර තිබෙන බැවින් එම ඇණවුම්වල යම්කිකිසි ප්‍රමාදයක් සිදුවුවහොත් හැරෙන්නට ආහාර හිඟයක් ඇති නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි. මේ අනුව භාණ්ඩ හිඟයක් ඇති වෙතැයි බියෙන් වෙළෙඳසල් හිමියන් සහ තොග වෙළෙඳුන් අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂයෙන් කොළඹින් පිට සිටින තොග වෙළෙඳුන්ට දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය. මැදපෙරදිග පවතින යුදමය පසුබිමේ බලපෑමෙන් නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුවල ඉහළ යෑමක් සිදුව ඇති හෙයින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල සුළු වැඩි වීමක් සිදු වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
