බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි
ඉදිරි කාලයේ එන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
මෙම ගුවන්ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණි.
ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා 2026 ඔක්තෝබර් 23 දින සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන බව ආරංචි මාර්ග සදහන් කරයි.

