බදදා වැඩ කළොත් අපිට නිවාඩු දින දීමනාව ගෙවන්න – රවී කුමුදේශ්
රජය විසින් නියම කර ඇති බදාදා දිනයේ සේවය කිරීමට නම් නිවාඩු දින දීමනාව තම වෙත ලැබිය යුතු බව පරිපූරක වෛද්ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති සහ සෞඛ්ය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි. ඔහු GMOA සහ සමන් රත්නප්රිය ගේ රජයේ හෙද සංගමය සමඟ එක්ව මෑතකදී සෞඛ්ය වෘත්තීය සමිති සංධානය ආරම්භ කළා.
අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී,
” අත්යවශ්ය සේවාවක් විදියට අඛකණ්ඩව සෞඛ්ය සේවාව පවත්වාගෙන යන්න ඕන නම්ට අවශ්ය තෙල් කෝටා එකක් දෙන්න. පහසුවෙන් ඒ තෙල් ටික ලබාගන්න ක්රමයක් හදන්න. කිසිම විශෙෂ පහසුකමක් නැතිව නිවාඩු දවසක වැඩට එන්න කියනවනම් ඒකට නිවාඩු දින දීමනාව ගෙවන එක ආණ්ඩුවේ වගකීමක්. මේ වෙලාවෙ ආර්ථික අමාරුවක් නෑ කියලා ආණ්ඩුව පුන පුනා කියන නිසාම, ඒක ඉල්ලලා සටන් කරන්න කලින් දෙන්න ආණ්ඩුව වග බලා ගන්න ඕන.” යයි රවී කුමුදේශ් වැඩි දුරටත් පැවසුවා.
රජය විසින් බදාදා දිනය නිවාඩු දිනයක් ලෙ
ස ප්රකාශයට පත් කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය නිසා රට තුල ඇති ඉන්දන පිරිමසා ගැනීමේ අරමුණ ඇතිවයි.
ස ප්රකාශයට පත් කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය නිසා රට තුල ඇති ඉන්දන පිරිමසා ගැනීමේ අරමුණ ඇතිවයි.