පාසල් වෑන් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නෑ – සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළම­යින් ප්‍රවා­හන සංග­මය

බදාදා දිනය රජයේ නිවාඩු දින­යක් කිරීම හේතු­වෙන් පාසල් ද එදින නිවාඩු බැවින් පාසල් වෑන් රථ ගාස්තු සිය­යට දහ­ය­කින් වැඩි කිරී­මට ගත් තීර­ණය ක්‍රියා­ත්මක නොක­රන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවා­හන සංග­මයේ සභා­පති ඊ.එච්. රුවන් ප්‍රසාද් මහතා පවසයි.

බදාදා දින නිවාඩු දින­යක් කිරීම හේතු­කොට ගෙන විශාල ඉන්ධන ප්‍රමා­ණ­යක් ඉතිරි වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළම­යින් ප්‍රවා­හන සංග­මය වැඩි දුරටත් පවසයි.

මෙම තීර­ණය නිසා මවු­පි­යන්ට ද මේ අව­ස්ථාවේ දී අස්වැ­සි­ල්ලක් වන බව ඔහු සඳ­හන් කළ ඔහු එම තීර­ණ­යට තමන් ඇතුළු සංග­මය රජ­යට ස්තූතිය පළ කරන බව ද  කියා සිටී.

මේ අව­ස්ථාවේ දී ජාත්‍ය­න්තර පාස­ල්ව­ල­ටද නිවාඩු ලබා­දීම කළ යුතු බව ද ඔහු වැඩි­දු­ර­ටත් පැවසූ ඔහු තම සංග­මය රජ­යෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා­දෙන ඉන්ධන කෝටාව ලීටර් 100 දක්වා වැඩි කර දෙන ලෙස බව ද ඔහු කීය.

Share This