අල්ලස් කොමිසම ගෝඨාගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කරයි
කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි රජයේ නිවාස සංකීර්ණයක නිවාස ඒකක කිහිපයක් පුද්ගලයන් පිරිසකට වෙන් කිරීම සඳහා නීතිවිරෝධී ලෙස නිර්දේශ කිරීම සහ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම හමුවේ පෙරවරු 8.30ට පමණ පෙනී සිටි ගෝඨාභට රාජපක්ෂ මහතාගෙන් පෙරවරු 9.00 සිට පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූවක් බව වැඩිදුරටත් සදහන් වෙනවා.

