“තාම විදුලිය කපන්නේ නැතුව අපි යනවා” “හැබැයි කපන වෙලාවකුත් එන්න පුළුවන්” අමාත්‍ය කුමාර ජයකොඩි

Eng. Kumara Jayakody | Ministry of Energy

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවම විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බව Kumar Jayakody මහතා පවසයි.

අද (17) Parliament of Sri Lanka හි ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක Sajith Premadasa විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී, අමාත්‍යවරයා සඳහන් කළේය:

“තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්.”

මෙම ප්‍රකාශයෙන්, දැනට විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවුවත්, ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇත්නම් එවැනි කටයුතු සිදු කළ හැකි බව පෙනේ.

Share This