අපිට ගහන අයට හෝමූස් හරහා යන්න දෙන්නේ නෑ – ඉරානය කියයි
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව කිසිදු රටකට ප්‍රහාර එල්ල කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය කලාපය තුළ අස්ථාවරභාවයක් ඇති කර ඇති බැවින්, දැනට මෙම මුහුදු මාර්ගය හරහා නැව් ගමනාගමනය සිදු වන්නේ විශේෂ කොන්දේසි යටතේ බව ද ඔහු පෙන්වා දුන්නේය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරාන සන්නද්ධ හමුදා සතු බවත්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට වෙරළබඩ රටක් ලෙස ඉරානයට අයිතියක් ඇති බවත් බගායි අවධාරණය කළේය.
ඓතිහාසිකව මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂකයා වූයේ ඉරානය වුවද, වර්තමාන අනාරක්ෂිත තත්ත්වයට වගකිව යුත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලය බවට ද ඔහු චෝදනා කළේය.
ලෝක තෙල් ප්‍රවාහනයට අතිශයින් වැදගත් මෙම මුහුදු මාර්ගය, ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන රටවලට භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය දැඩි ලෙස අවධාරණය කරයි.
