ඉන්ධන අර්බුදය විසදන්න දින හතරක වැඩ සතියක් ?

ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් දින හතරක වැඩ සතියක් හඳුන්වාදීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව සදහන් වෙනවා. මෙම රැස්වීමට සහභාගි වන ලෙස රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයිද වාර්තා වෙනවා.

මේ අතර ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාද මෙම රැස්වීමේදී සලකා බැලීමට නියමිත බවද සදහන්.

Share This