QR එකට තෙල් දෙන්න මින් ඉදිරියට පොලීසියේ සහායත් ලබා ගන්නවා
QR ක්‍රමය යටතේ පමණක් ඉන්ධන ලබාදීම සිදුකරන බවත් මින් ඉදිරියට පොලීසියේද මැදිහත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් මගින් එය සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (15) පස්වරුවේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ අදහස් පළ කරනු ලැබුවා.
“අපේ ඇනවුම් ඒ විදියටම ලැබෙමින් පවතිනවා. ඒ නිසා ලබන මාසේ අවසන් වෙනකම් ඒ පිළිබඳ ගැටළුවක් නෑ.” QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා ගැටලුවක් තියෙන්න ඇති ජනතාවට. ඒ නිසා පෝලින්වල ඉදලා ඉන්ධන ලබා ගත්තා. නමුත් දැන් ඉදලා පෝලින්වල ඉදලා තෙල් ගහගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද සාමාන්‍ය ලෙස තෙල් පරිභෝජනය කරන අයගේ මේ වන විට තෙල් ප්‍රමාණය නිෂ්චිත කරලා ෂෙඩ්වල ඉතුරු කරලා තියෙනවා. මොකද සතියකට අවශ්‍ය තෙල් කෝටාව තීන්දු කරලා තියෙනවා ඒ තෙල් ප්‍රමාණය ඕනෑම මොහොතක ගහගන්න පුළුවන්. ආපහු පොලින්වල ඉදලා ගහගන්න අවශ්‍ය නැහැ…”
“එමෙන්ම පිරුවුම්හල්වල අයටත්, QR එකෙන් කොච්චර ගිහින්ද, අපි ලබා දුන්න තොගය කෙච්චරක්ද ඒ දෙක අතර යම් වෙනසක් තියෙනවා නම් ඒකට අපි දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි බලපත්‍රය අනිවාර්යෙන් අහෝසි වෙන්න පුළුවන්…”
“මගී ප්‍රවාහන බස් රට වලටත් CTB එක හරහා දෙනවා . කෙටි කාලයක් අතුළත ඒ අයට ගමන් මාර්ගය අනුව කොච්චර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ද දවසකට කොච්චර දුවනවාද කියලා අපි ගනනය කරලා බලනවා. ඒ අනුව ආයෙ Q
R කේතය වෙනස් කරලා ලබා දෙනවා. ධීවර සහ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධනද නිසි ආකාරව ලබාදීමට කටයුතු කරනවා…” යනුවෙන් ඒ් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
