මැදපෙරදිග යුද්ධය අවම වශයෙන් තවත් සති තුනයි – ඊශ්‍රායල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින්
ඊශ්‍රායලයේ එකම අරමුණ ‘ඉරාන පාලනය දැඩි ලෙස දුර්වල කිරීම’ බවත්, ඒ හේතුවෙන් ඉරානයට එරෙහි මෙහෙයුම් අවම වශයෙන් තවත් සති තුනක්වත් පැවතිය හැකි බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.
ඉරානයේ හඳුනාගත් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් විදෙස් මාධ්‍යවෙත පවසයි.
එනිසා අවම වශයෙන් තවත් සති තුනක් හෝ ඊටත් වඩා ප්‍රහාර එල්ලවිය හැකියි යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
තම හමුදා නිශ්චික කාලසීමාවක් හෝ කාලසටහනකට අනුව කටයුතු නොකර බවත්
ඉලක්ක සපුරා ගන්නා තෙක් ප්‍රහාර එල්ලකරන බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.
