අසෝක රන්වලට වරෙන්තු
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී අසෝක සපුමල් රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන ඇත.
ඒ මහතා විසින් සපුගස්කන්ද ප්රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට හේතුවයි.
ඒ අනුව මහර අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබේ.
