“The Lord of the Rings” නවතම චිත්‍රපටයට Kate Winslet

Kate Winslet | Biography, Filmography, Lee, Movies, Titanic, & Facts |  Britannica

හොලිවුඩ් නිළි Kate Winslet “The Hunt for Gollum” නව චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායමට නිල වශයෙන් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චිත්‍රපටයේ කතාව සිදුවන්නේ “The Hobbit” චිත්‍රපටයේ සිදුවීම්වලට පසුවත් “The Lord of the Rings: The Fellowship of the Ring” චිත්‍රපටයේ සිදුවීම්වලට පෙර කාලසීමාවක බව සඳහන් වේ.

එමෙන්ම “The Lord of the Rings” චිත්‍රපට මාලාවේ ප්‍රසිද්ධ චරිත දෙකක් වන Gandalf සහ Frodo Baggins ලෙස රඟපෑ Ian McKellen සහ Elijah Wood ද මෙම චිත්‍රපටය සඳහා නැවත එක්වීමට සූදානම් වන බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ The Times පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී Elijah Wood සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ පැවැති සම්මේලනයකදී Ian McKellen විසින් මේ සම්බන්ධයෙන් ඉඟියක් ලබාදී තිබූ බවද ඔහු සඳහන් කර තිබේ.

“මෙය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. නමුත් එය සිදුවීමට හොඳ අවස්ථාවක් තියෙනවා. නිල නිවේදනයක් එනතුරු මට කිසිවක් නිල වශයෙන් කියන්න බැහැ. නමුත් තවත් චිත්‍රපටයක් ගැන සිතීම ගැන මම ඉතා සතුටු වෙනවා,” යැයි Elijah Wood පැවසීය.

Middle-earth ලෝකය පදනම් කරගත් නව චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රසිකයන්ට විශාල අපේක්ෂාවක් සහ සැලකිල්ලක් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම “පරණ කණ්ඩායම නැවත එකතු වෙනවා වගේ හැඟීමක් තියෙනවා. ඒ ගැන මම ඇත්තටම උද්යෝගයෙන් බලා සිටිනවා,” යනුවෙන්ද Elijah Wood වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share This