දකුණු මුහුදට ආපු බිලියන 10ක බඩු – ‘පරෙවි සුදාගේ’

දකුණු මුහුදට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් රුපියල් බිලියන 10 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය නිෂ්පාදිත අති නවීන ගිනි අවි තොගය මෙරටට එවා ඇත්තේ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පරවි සුදා නමැත්තා විසින් බවට තොරතුරු ලැබී තිබේ.
පරවි සුදා නමැති ජාවාරම්කරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බවත් ඒවා මෙරට තුළ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු අතරේම බෙදාහැරීමට සැලසුම් කර ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ආරංචි මාර්ග පවසයි.
