දැඩි හිරු රශ්මියේ පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී සැලකිලිමත්වන්න

මේ දිනවල දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බැවින් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල වලදී ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පවසනවා.
උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අවධානම් අඩු කර ගන්නේ කෙසේ ද සහ ක්‍රීඩා ඉසව් සංවිධාන කිරිමේ දී අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා.
