දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඉදිරි දින කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි සමග ඇතිවිය හැකි
තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
