2026 වසරේ මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 6 පනී

වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 6,23,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වෙයි. ඒම සංඛ්‍යාව එක් ලක්ෂ 15,772 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මේ මෙම පිරිස අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

 

Share This