ඩීසල් ලීටර් 19060 ක් සමග හතරක් අල්ලයි

කැලණිය කොට්ඨාශයේ බියගම පොලිස් වසමේදී ඩීසල් ලීටර් 19060 ක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

බියගම පොලිස් වසමේ අංක 16/2, පහළ බියගම ,බියගම ලිපිනයේ පරණ යකඩ එකතු කරන වැඩපල තුලදී ලොරි රථ වලින් ඩිසල් වංචනික ලෙස ලබාගෙන ගබඩා කරමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු අංක LG 9628 හා LK 0506 දරණ බව්සර් රථ සමග කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසිනුයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එම වැටලිමෙන් ඩීසල් ලීටර් 19060 ක් හා මුදල් රුපියල් 381000 ක මුදලක් සොයාගෙන තිබෙනවා.

Share This