ඉරානයේ නව නායකත්වයට උතුරු කොරියාවේ සහය!

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා ඛමේනි පත්වීම කෙරෙහි උතුරු කොරියාව සිය පූර්ණ ගෞරවය සහ එකඟතාවය පළ කර තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙම පත්වීම විවේචනය කරද්දී, උතුරු කොරියාව පවසන්නේ ඉරාන ජනතාවගේ ස්වෛරී තීරණයට සියලු දෙනා ගරු කළ යුතු බවයි.

විශේෂයෙන්ම බාහිර බලපෑම් හමුවේ ඉරානය ගත් මෙම තීරණය ශක්තිමත් පියවරක් බව උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පත්වීම පිළිගත නොහැකි බව පවසා ඇති අතර, මැදපෙරදිග කලාපීය දේශපාලනය මේ හරහා තවදුරටත් උණුසුම් වී ඇත.

Share This