තවදුරටත් විදුලිය අත්‍යවශ්‍ය කරමින් ගැසට්ටුවක්

තවදුරටත් විදුලිය අත්‍යවශ්‍ය කරමින් ගැසට්ටුවක්

(ශිරාන් රණසිංහ)
විදුලි බලය සැපයීම හා ඊට අදාළ සේවාවන් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගියදා (21දා) මෙම ගැසට් නිදෙව්නය නිකුත් කර තිබේ.
මීට පෙරාතුව ද විදුලිය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට්ටුවක් නිකුත් කරනු ලැබීය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට හා ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විදුලි වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යොමු වී සිටි අතර විෂයභාර ඇමැති හා වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවේදී එකඟ වූ කරුණ ඇතුළත් ලිඛිත වාර්තාවක් ද සේවකයන් වෙත මේ වන විට ලබා දී ඇත.

Share This