ස්විඩන් කත කතරගම ගිහින් අතරමං

(කතරගම – ආරියපාල රත්නායක තිස්සමහාරාම – අසිත වීරසිංහ)
පීඩනයේ සිට ලංකාවට සංචාරය සඳහා පැමිණි අමිරා ඉන්ගා මෙරීඩේව් (Amira inga Marie Davey) නම් වයස අවුරුදු 43 කාන්තාවක් කතරගම දේවාල භූමියේ අතරමංව සිටි .
ඇය සැප්තැම්බර් මස ලංකාවට පැමිණ ඇත. ඇගේ වීසා කාලයද ඉක්මවා ඇති අතර රටට යෑමට හෝ ලංකාවේ ජීවත් වීමටත් මුදල් නොමැතිව අසරණව සිටියි. ස්විඩන් රටේ රෝහල් සේවිකාවක් ලෙස සේවය කළ බව ඇය පවසන අතර අතෙහි මුදල් නොමැති වීමෙන් කතරගම දෙවොල වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් විසින් දෙවොලට පූජා කරනු ලබන පළතුරු වට්ටිවලින් ලැබෙන පලතුරු සහ දෙවොලෙන් ලබා දෙන දේවදානය ද ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන උපකාර මත ජීවත් වන බව ඇය දැනටම රැඳී සිටින සහ ඇයට රැකවරණය දෙනා චම්පා මහතා පවසයි.
ලංකාවේදී විවිධ මග පෙන්වන්වන පුද්ගලයන් හට ගොදුරු වී ඇගේ මුදල් අහිමි කරගෙන තිබෙන බව චමිපා මහතා පවසයි. ඇයට සිංහල භාෂාව හැසිරීමට නොහැකි වීමෙන් අසරණව සිටින බැවින්.
රජයෙන් ඉල්ලා සිටින්නේ ස්විඩන් රටට යෑමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ස්විඩත් තානාපති කාර්යාලයෙන් සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඇය ඉල්ලා සිටී.