ෂහීන් අෆ්රිඩ් පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වයට

(ඉෂාර ගයාෂාන්)
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස පත් කර බවට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (20දා) නිවේදනය කළේය.
අෆ්රිඩි ලබන මාසයේ ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිවලදී පළමුවෙන්ම පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
2018 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව මංගල එක්දින තරගය ක්‍රීඩා කර ෂහීන් අෆ්රිඩි මේ වන විට එක්දින තරග 66කදී කඩුලු 131ක් දවාගෙන ඇත. වසර ගණනාවක් පුරා ඔහු පාකිස්තානයේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස ස්ථානය තහවුරු කර ගෙන ඇති අතර මෙවර පැවති ආසියානු ක්‍රිකට් කුසලානයේදී පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වීමට සමත් විය.
ෂහීන් එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් වීමට පෙර 2024 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව පැවති තරග පහකින් යුත් විස්සයි-20 තරගාවලියකට නායකත්වය දැරීය. එම තරගාවලිය 2-2ක් ලෙස සම විය.
එක්දින කණ්ඩායමේ නායකත්වය ෂහීන් අෆ්රිඩි පත් කිරීමට පෙර එක්දින නායකත්වය දැරුවේ මොහොමඩ් රිස්වාන් වේ. ඔහු 2024 වර්ෂයේදී පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර වසර 22කට පසු ඔස්ටේ්‍රලියාවේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණයක් කිරීමට හැකි විය. නමුත් පාකිස්තානයේ සත්කාරත්වයෙන් පැවති 2025 ශූරයන්ගේ කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම දක්ෂතා දැක්වීමට අපොහොසත් විය.