විදෙස් රැකියා ජාවාරම් ගැන 0112882228 දුරකථන අංකයට කියන්න

විදෙස් රැකියා ජාවාරම් ගැන 0112882228 දුරකථන අංකයට කියන්න

-යක්කලමුල්ල – සඳනුවන් කීර්ති-
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව 0112882228 යන දුරකථන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට එම තොරතුරු ලබා දිය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
මේ වන විටත් එම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයන් පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව එම කාර්යංශය පවසයි .
ගත වූ දින 02 තුළ ද විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 08ක මුදලක් ලබා ගත් කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නීති විරෝධී ලෙස විදෙස් රැකියා සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙය වූ පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙසේ විදෙස් රුකියා ලබාදෙන බව පවසා මුදල් වංචා සිදුකරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යංශය මහජනතාවගේ වැඩිදුරටත් ඉල්ලා සිටී.

Share This