වැසිකිළි වළ පිපිරී අයෙක් මියයයි

-සෙනාෂ් කොළවත්ත-
වැසිකිළි වළට කාබයිට් නමැති රසායනික ඉසිමින් සිටියදී ඇති වූ පිපිරුමකින් හබරාදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරන පිලාන, වංචාවල ඩබ්ලිව්. ජී. මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
වැසිකිළි වළේ දුර්ගන්ධය නැති කිරීමට මෙම රසායනිකය යොදා ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. වැසිකිළි වළ පිපිරී යෑමෙන් තුවාල ලබා සිටි මොහුව කරාපිටිය රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇතැයි පොලිසිය කියයි.