ගෝලීය නායක සමුළුවට අගමැතිනිය චීනයට

ගෝලීය නායක සමුළුවට අගමැතිනිය චීනයට

චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ සමුළුව 2025” ට සහභාග වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 11දා රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියාය.
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යතුමිය මෙසේ චීනය බලා පිටත් වන අතර, එළැඹෙන 12 වැනිදා සිට 15 වැනිදා දක්වා අග්‍රාමාත්‍යවරිය චීනයේ සංචාරය කිරීමට නියමිතය.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැද මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගි වනු ඇත.

Share This