වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ප්රභාත් ජයසූරිය

(ඉෂාර ගයාෂාන්)
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්රභාත් ජයසූරිය ඉන්දියාවේ මුම්බායිහිදී පැවැති CEAT ක්රිකට් සම්මාන උළෙලේදී වසරේ ටෙස්ට් පන්දු යවන්නා සම්මානයට පාත්ර විය.
මෙම සම්මානයට පාත්ර වූයේ ටෙස්ට් ක්රිකට් පිටියේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.
33 හැවිරිදි වියේ පසු වන ප්රභාත් ජයසූරිය මේ වන විට ටෙස්ට් තරග 22කදී කඩුලු 122ක් දවා ගෙන ඇත. ඒ අතර කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 2ක් සහ කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 12ක් ඇත.