ත්‍රිවිධ හමුදාවේ 54087ක් සේවය හැර ගිහින්

ත්‍රිවිධ හමුදාවේ 54087ක් සේවය හැර ගිහින්

-ශිරාන් රණසිංහ-
සේවය අතහැර ගිය ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් 54087ක් සිටින බව නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
ඒ අනුව නිවාඩු ලබා නොගෙන විවිධ හේතු මත හමුදාව අතහැර ගිය හමුදා නිලධාරින් 385ක් සහ සෙසු නිලයන් 47265ක් සිටින බවද ඇමැතිවරයා පැවැසීය.
මේ අතර ගුවන් හමුදා නිලධාරින් 46ක්, ගුවන් හමුදා සෙසු නිලයන් 3396ක්, නාවිත හමුදා නිලධාරින් 87ක් නාවික සෙසු නිලයන් 3108ක් සිටින බවද කියා සිටියේය.
මොවුන් අතර නිවාඩු ලබා නොගෙන විදෙස් ගතව සිටින යුද හමුදා නිලධාරින් 232ක් සෙසු නිලයන් 93ක්ද, නාවික හමුදා නිලධාරින් 64ක්, සෙසු නිලයන් 19ක්ද සිටිති. ගුවන් හමුදාවේ නිලධාරින් 15ක් සහ සෙසු නිලයන් 5ක් ද නිවාඩු ලබා නොගෙන විදෙස් ගතව සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.
.

Share This