විශ්රාමික අයිජීගේ ලියුම් පෙට්ටියේ ටී-56 උණ්ඩ තොගයක්

මත්තෙගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ විශ්රාමික පොලිස් පරික්ෂකවරයකුට අයත් වසා දමා තිබූ නිවෙසක ලියුම් පෙට්ටියක සඟවා තිබූ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 47ක් හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ හයක් ඊයේ (08දා) මත්තෙගොඩ පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම විශ්රාමික පොලිස් නිලධාරියා නිවෙසේ ගේට්ටුවේ ඇති ලියුම් පෙට්ටිය පරික්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ ඊට ඉබ්බකු දමා තිබෙනු දැක ඇත.
ඉබ්බෙක් දමා නොතිබූ ලියුම් පෙට්ටියට ඉබ්බෙක් දමා තිබීම පිළිබඳ සැක සිතූ ඔහු අසල නිවෙසක තරුණයෙක් සමග එක්වී එය කඩා ඇත. එහිදී උණ්ඩ දැක පොලිසියට දැනුම් දී තිබේ.