මගී බස්වල කාන්තා රියැදුරන් සහ කොන්දොස්තරලා

-ශිරාන් රණසිංහ-
මගී බස් රථ සඳහා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගැනීම ලබන නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
මීට අතරව බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවීමට නව ක්‍රමවේදයක් සකසන බවද ඇමැතිවරයා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.