මසක් තුළ මහ බැංකු නිල සංචිත සියයට 1.1කින් ඉහළට

මසක් තුළ මහ බැංකු නිල සංචිත සියයට 1.1කින් ඉහළට

-ශිරාන් රණසිංහ-
ඉකුත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය සියයට 1.1කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කළේය.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.24ක් බවත්, අගෝස්තු මාසයේ දී තිබූ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.17ක් බවත් මහ බැංකුව සඳහන් කර ඇත.

Share This